Image

හිටපු මැති ඇමතිලාගේ මහා පරිමාණ වංචා සිද්ධි 15කට අධි චෝදනා.!

පසුගිය රජය සමයේ සිදුවූ මහා පරිමාණ වංචා හා දූෂණ සිද්ධි 15ක් සම්බන්ධයෙන් නුදුරේදීම අධි චෝදනා ගොනු කරන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම සඳහන් කරයි.

පසුගිය කාලයේ විමර්ශනය නොකළ එම පැමිණිලි අතර තිබූ ලිපිගොනු පරීක්ෂා කිරීමෙන් අනතුරුව කළ විමර්ශන පාදක කර ගනිමින් මෙම අධි චෝදනා ගොනු කරන බවත් එම පැමිණිලි සම්බන්ධයෙන් ඉතා සංකීර්ණ විමර්ශන මෙහෙයවීමට සිදුව ඇති බවද එම කොමිසම සඳහන් කරයි.

පසුගිය කාලයේ අල්ලස් කොමිසමට ලැබුණු පැමිණිලි අතරින් 300ක විමර්ශන මේ වනවිට ආරම්භ කර ඇති බවත් පැවති ආණ්ඩු සමයේ සිටි මැති ඇමතිවරුන් මෙන්ම දේශපාලන හිතවාදීන් රැසක් එම දූෂණ චෝදනාවන්ට සම්බන්ධ බව එම කොමිසම සඳහන් කරයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.