Image

අපේක්ෂකයෝ 10,000ක් පොරපිටියේ

පාර්ලිමේන්තු මන්ත්‍රිවරු 225 දෙනකු තෝරා පත් කර ගැනීම සඳහා නොවැම්බර් 14 වැනි දින පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට අපේක්ෂකයෝ 10,000කට ආසන්න සංඛ්‍යාවක් ඉදිරිපත්ව සිටිති.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 764ක් නාමයෝජනා පත්‍ර භාරදුන් බවත්, ඉන් නාමයෝජනා පත්‍ර 74 ක් ප්‍රතික්ෂේප වූ බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවැසීය.

ඒ අනුව මෙවර මැතිවරණයේදී මැතිවරණ දිස්ත්‍රික්ක 22 සඳහා දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලින් කණ්ඩායම් 690 ක් තරග කරන බවද ඔහු කීවේය.

වැඩිම නාමයෝජනා පත්‍ර සංඛ්‍යාවක් දිගාමඩුල්ල මැතිවරණ දිස්ත්‍රික්කය සඳහා ඉදිරිපත් කර තිබූ අතර එම සංඛ්‍යාව 64 ක් විය. අඩුම නාමයෝජනා පත්‍ර සංඛ්‍යාවක් ඉදිරිපත් කර තිබුණේ පොළොන්නරුව සහ මඩකලපුව දිස්ත්‍රික්කවලිනි. එම දිස්ත්‍රික්කවලින් නාමයෝජනා පත්‍ර 15 බැගින් ඉදිරිපත් කර තිබිණි.

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ නාම යෝජනා පත්‍ර භාර ගැනීමේ කටයුතු ඉකුත් සිකුරාදා (11 වැනිදා) මධ්‍යහ්න 12 න් අවසන් විය. නාම යෝජනා සඳහා විරෝධතා ඉදිරිපත් කිරීමට පෙරවරු 11.30 සිට පස්වරු 12.30 දක්වා පැයක කාලයක් ලබාදී තිබුණි. ඉකුත් බ්‍රහස්පතින්දා (10 වැනිදා) වනවිට ඉදිරිපත් කර තිබූ නාමයෝජනා පත්‍ර සංඛ්‍යාව වූයේ 241කි. නාම යෝජනා භාරදීමේ අවසන් දිනය වූ සිකුරාදා දිනයේදී නාමයෝජනා පත්‍ර 523 ක් ඉදිරිපත් කර තිබිණි.

පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්දයෙන් මන්ත්‍රිවරු 196 දෙනකු තෝරා පත්කර ගැනීමට නියමිතය. ඉතිරි 29 දෙනා තෝරා ගනු ලබන්නේ ජාතික ලැයිස්තුවෙනි. ඉකුත් 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී නාමයෝජනා පත්‍ර 697 ක් ලැබී තිබූ අතර ඉන් පිළිගත් සංඛ්‍යාව 617 ක් විය. එවර නාම යෝජනා පත්‍ර 80 ක් ප්‍රතික්ෂේපවී තිබිණි. එම මැතිවරණය සඳහා දේශපාලන පක්ෂවලින් අපේක්ෂකයන් 3,652 ක් ද,ස්වාධීන කණ්ඩායම්වලින් අපේක්ෂකයන් 3800 ක් ද බැගින් අපේක්ෂකයන් 7,452 ක් තරග කළහ.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.