තරු හෝටල් වලට ජනතාව දහස් ගණනින් කැඳවා සංග්‍රහ කළ අපේක්ෂකයන් මන්ත්‍රීවරුන් ලෙස පත් වුවහොත් ඔවුන්ගේ එම මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දීමෙන් අහෝසි කිරීමට අවධානය යොමු වී ඇති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සදහන් කරයි.
ඡන්ද දායකයන්ට සංග්‍රහ කිරීම සම්බන්ධයෙන් මන්ත්‍රී ධුරය අහෝසි කළ අවස්ථා ගණනාවක්ම ඉතිහාසය පුරාම ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක සදහන් කරයි.
ඡන්ද දායකයන්ට සංග්‍රහ ලබාදීම මැතිවරණ නීතිය අමු අමුවේ උල්ලංඝනය කිරීමක් මෙන්ම මුදල් නොමැති සෙසු අපේක්ෂකයන්ට කරන බරපතළ අසාධාරණයක් බවද මැතිවරණ කොමිසම සදහන් කරයි.
ඡන්ද දායකයන්ට සංග්‍රහ කිරීම සඳහා මැතිවරණ අපේක්ෂකයන්ට සිය හෝටල් දීමෙන් වළකින්නැයි මැතිවරණ කොමිෂන් සභාව ප්‍රධාන පෙළේ හෝටල් ගණනාවකට පසුගියදා ලිඛිතව දැනුම් දී ඇත.

