Image

පාස්පෝට් ගැන තවත් නිවේදනයක් – හිතුමතේ ආවට දෙන්නේ නැතිලු

2025 ජනවාරි 01 දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා රජය ශ්‍රී ලාංකිකයන් සඳහා නව, කාර්යක්ෂම සහ ආරක්ෂිත විද්‍යුත් ගමන් බලපත්‍ර ලබාදීම ආරම්භ කිරීමට නියමිත බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ඒ අනුව විදේශ ගමන් බලපත්‍ර අයැදුම්කරුවන්ගේ පහසුව සඳහා නව ක්‍රමවේදයක් ලෙස විදේශ ගමන් බලපත්‍ර අයැදුම් කිරීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බවයි.

මේ අනුව, 2024 ජූලි 16 වන දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍ර සඳහා අයදුම් කිරීම සඳහා https://www.immigration.gov.lk සබැඳිය මත පූර්ව ලියාපදිංචියක් සිදුකළ යුතු බව එම ප්‍රකාශය අවධාරණය කරයි.

තවද, පෙර ලියාපදිංචි වී ඇති විදේශ ගමන් බලපත්‍ර අයැදුම්කරුවන් පමණක් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට සහ ප්‍රාදේශීය කාර්යාලවලට පැමිණෙන ලෙසත්, පෙර ලියාපදිංචියකින් තොරව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට පැමිණීමෙන් වළකින ලෙසත් ඉල්ලා සිටී.

ලියාපදිංචියෙන් පසුව ප්‍රමුඛතා පදනම මත විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට අවස්ථාව ලැබෙන බවද දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටියි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.