Image

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනාට සිදුවු අවාසනාවන්ත ඉරණම.!

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනකු අවිත්තාව ඉහල කන්ද යගිරල ඇතාවැටුණුවල ස්ථානයේ දිය නෑමට ගොස් දියේ ගිලී මියගොස් ඇති බව ඉත්තෑපාන පොලීසිය සදහන් කරයි.

මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනුයුක්තව ‌සේවය කල එස්. ගෞතම්, එගොඩ උයන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනුයුක්තව ‌සේවය කල එස්. හර්ෂනාත් යන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනා එලෙස මියගොස් ඇත.

ඩෙංගු මර්ධන සහයකයින් පිරිසක් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිව් දෙනෙකු දිය නෑමට ගොස් සිටියදී මෙම අනතුරට ලක්ව ඇති බව පොලීසිය සදහන් කරයි.

TRENDING POST