Image

රටේ ආරක්ෂාව තහවුරු කරන්න ආරක්ෂක ප්‍රධානීන්ට උපදෙස්

සමස්ත රටේම ආරක්ෂාව තහවුරු කරමින් ඉදිරි ජනාධිපතිවරණය බාධාවකින් තොරව පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ආරක්ෂක ප්‍රධානීන්ට උපදෙස් ලබාදී තිබේ.

ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව අද (26) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේ දී රාජ්‍ය අමාත්‍යවරයා අදාළ උපදෙස් ලබා දී ඇත.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ඇතුළු ත්‍රිවිධ හමුදාවේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් මෙන්ම ආරක්ෂක අමාත්‍යාංශය සහ ඒ යටතේ ඇති ආයතන ප්‍රධානීහූ මෙම කාරක සභා රැස්වීමට කැඳවා තිබිණි.

TRENDING POST