පැවැත්වීමට නියමිත මහ මැතිවරණය වෙනුවෙන් පොලිස් නිලධාරීන් 63,145ක් මැතිවරණ රාජකාරි සදහා යෙදවීමට නියමිත බව නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ නිහාල් තල්දුව සදහන් කරයි.
ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් 3,200ක් මෙන්ම ත්‍රිවිධ හමුදා නිලධාරීන් ද යෙදවීමට නියමිත බවත් සිවිල් ආරක්ෂක නිලධාරීන් 12,227ක් දෙනෙක් යෙදවීමට පියවර ගෙන ඇති බවද සදහන් කරයි.
ජංගම සංචාර 3,109ක් ක්‍රියාත්මක කිරීමටත් දිවයින පුරා මාර්ග බාධක 269ක් යෙදවීමටත් සැලසුම් කර ඇති බවත් කැරලි මර්දන කණ්ඩායම් 214ක් සූදානම් කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි.
යම් කඩාකප්පල්කාරී ක්‍රියාවන් අවේක්ෂණය කිරීමට බුද්ධි නිලධාරීන් යෙදවීමට පියවර ගෙන ඇති බවද මාධ්‍ය හමුවකට එක් වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ නිහාල් තල්දූව සදහන් කරයි.

