Image

ජනතාව වෙනුවෙන් පොලීසිය අලුත් කරයි.!

නව මුහුණුවරකින් ශ්‍රී ලංකා පොලිස් නිල වෙබ් අඩවිය යාවත්කාලීන කරමින් නිර්මාණය කර මහජනතාවගේ පරීශීලනය සදහා මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාලගේ ප්‍රධානත්වයෙන් එළිදැක්වීය.

ඒ අනුව ශ්‍රී ලංකා පොලීසියේ නව වෙබ් අඩවිය වන www.police.lk වෙත පිවිසීමෙන් මහජනතාවට එය පරිශීලනය කළ හැකි වන අතර පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් සකසනු ලබන ශ්‍රී ලංකා පොලීසියේ තොරතුරු, විශේෂ අවස්ථා, පුවත්, ඡායාරූප, වීඩියෝ ඇතුළු විශේෂාංග රැසක අන්තර්ගතයක් සමග නිරන්තරයෙන් යාවත්කාලීන කරයි.

සුපුරුදු පරිදි පොලිස් නිෂ්කාශන වාර්තා සදහා අයදුම් කිරීම, මාර්ගගත ක්‍රමය ඔස්සේ පැමිණිලි ඉදිරිපත් කිරීමට මෙම නව වෙබ් පිටුව හරහාද අවස්ථාව ලබාදී ඇති අතර ඉදිරියේදී ඔබේ පහසුව උදෙසා පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ඨාසය විසින් සකසන ලද තවත් තාක්ෂණික අංග රැසක් මෙම නව වෙබ් පිටුව තුළ ඇතුළත් කිරීමට නියමිතය.

TRENDING POST