Image

කොළඹට විශේෂ රථවාහන සැලැස්මක්

එළඹෙන සඳුදා (05) දින විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා.

ඒ, අපවත්වී වදාළ ගංගාරාම විහාරස්ථානයේ පූජ්‍ය ගලබොඩ ඤාණිස්සර නාහිමියන්ගේ (පොඩි හාමුදුරුවෝ) අවසන් කටයුතු සිදු කිරීම හේතුවෙන්.

පොලීසිය පවසන්නේ එළඹෙන සඳුදා (05) පස්වරු 2.00 සිට රාත්‍රී 8.00 දක්වා කාලය තුළ රථ වාහන තදබදය අවම කිරීම සඳහා මෙම විශේෂ රථ වාහන සැලැස්ම ක්‍රියාත්ම කරනු බවයි.  

ඒ අනුව, එම කාලය තුළ පහත මාර්ගවල රථවාහන ගමනාගමනය සීමා කරනු ලබන බව පොලීසිය මහජනතාව වෙත දන්වා සිටිනවා.

දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකෙරෙන සඳුදා දින රථවාහන ගමනාගමනය සීමා කරනු ලබන මාර්ග පහතින්,

ධර්මපාල මාවත ජේම්ස් පිරිස් මාවත හන්දියෙන් ජේම්ස් පිරිස් මාවත දෙසට ඇතුල් වීම ( පෙරහැර මාවතෙන් සහ ජිනරථන මාවතෙන්  විහාරස්ථානයට ඇතුල් වන වාහන හැර)

ජේම්ස් පිරිස් මාවත පෙරහැර හන්දියෙන් කොම්පඤ්ඤ වීදිය හන්දිය දෙසට ඇතුලු වීම ( ජිනරථන මාවතෙන් විහාරස්ථානයට ඇතුල් වන වාහන හැර)

මුත්තයියා පාරෙන් ජේම්ස් පීරිස් මාවතට ඇතුල් වී කොම්පඤ්ඤ වීදිය හන්දිය දෙසට පමණක් ගමන් කළ හැක.

අල්ටෙයාර් දෙස සිට ජේම්ස් පීරිස් මාවතට ඇතුළු වන වාහන කොම්පඤ්ඤවීදිය හන්දිය දෙසට පමණක් ගමන් කල හැක.

නවම් මාවත දෙස සිට ජේම්ස් පීරිස් මාවතට ඇතුළු වන වාහන කොම්පඤ්ඤවීදිය හන්දිය දෙසට පමණක් ගමන් කළ හැකිය.

කොම්පඤ්ඤවීදිය හන්දියෙන් ජේම්ස් පීරිස් මාවතට ඇතුළු වන වාහන නවම් මාවත හන්දිය දක්වා පමණක් ගමන් කළ හැකිය.

මුත්තයියා පාර බේබෘක් හන්දියෙන් මුත්තයියා පාර දෙසට ඇතුලු වීම වසා ඇත.

ජිනරථන මාවත පාක් වීදිය හන්දියෙන් විහාරස්ථානය දෙසට ඇතුළු වීම වසා ඇත.

රාමනායක මාවත හුණුපිටිය පාර හන්දියෙන් හුණුපිටිය පාරට ඇතුළු වීම වසා ඇත.

TRENDING POST