Image

වැ.බ. පොලිස්පති සමග පොලිසියේ ලොකු පුටු වෙනසක් අද හෙටම

පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් රැසකගේ තනතුරුවල මාරුවීමක් ඉදිරි දිනවලදී සිදුවීමට නියමිතව ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.

මේ අතර වැඩබලන පොලිස්පතිවරයකු ද පත් කිරීමට නියමිතව ඇති බව එම ආාරංචි මාර්ග කියා සිටියේය. ඒ සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන ලලිත් පතිනායක සහ ප්‍රියන්ත වීරසූරිය මහත්වරුන්ගේ නම් යෝජනා වී තිබෙන බව පොලිස් මූලස්ථානය පවසයි.

ඉකුත් රජයේ දේශපාලන අවශ්‍යතාවන් මත පත්කර සිටි උසස් නිලධාරීන් කීපදෙනකුට ඉතිරි දිනවලදී එම තනතුරුවලින් ඉවත් කර ඒ සඳහා දක්ෂ පළපුරුදු නිලධාරීන් පත් කිරීමට නියමිතව ඇති බවද පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියි.

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතාගේ උපදෙස් මත මෙම මාරුවීම් ක්‍රියාත්මක වෙයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.