Image

පෝස්ටර් ලක්ෂ 04ක් ඉරා දමයි.. 65ක් අත්අඩංගුවට.!

පොලිසිය පවසන්නේ මේ දක්වා කාල සීමාව තුළ නීති විරෝධී මැතිවරණ පෝස්ටර් 436,000 අධික ප්‍රමාණයක් විනාශ කිරීමට කටයුතු කළ බවයි.

ඊට අමතරව නීති විරෝධී බැනර් සහ කටවුට් 2,400කට වැඩි ප්‍රමාණයක්ද ඉවත් කිරීමටද කටයුතු කර ඇති බව මාධ්‍ය හමුවක් පවත්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසීය.

එමෙන්ම මැතිවරණ කාල සීමාව තුළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධීන්වලට අදාළව සැකකරුවන් 65 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

TRENDING POST