හිටපු ආරක්ෂක රාජ්‍ය ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා දඹුල්ල ප්‍රදේශයේ පැවති සාකච්ඡාවක් අතරතුර විපක්ෂයේ සිටින සියලුම පක්ෂ නායකයන් සහ බලවේගවලින් ඉල්ලා සිටියේ නව රජයට ඔරොත්තු දිය හැකි විපක්ෂයක් සඳහා සැවොම එක්විය යුතු බවයි.
‘ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබල වේගේයේ ආණ්ඩුවට ලබාගත්තු ජයග්‍රහණයට සුභ පතනවා ඒ වගේම ජාතික ජන බලවේගය විපක්ෂයේ ඉන්නකොට කරපු දේශපාලනයේ අපි කරන්න සූදානම් නෑ ඔවුන් රජයට දුවන්න ඉඩ දුන්නේ නෑ කකුලෙන් ඇද්දා උද්ඝෝෂණ කරා, පෙළපාලි ගියා, වැඩ වර්ජනය කරා, රටේ බොරු මතයක් හැදුවා. අපි වගකීමෙන් විපක්ෂයේ වැඩ කරන්න ඕනේ කතා කරන්න ඕනේ බොරු කියලා බලය ගන්න අපි සූදානම් නෑ.
ඒ වගේම අපි විපක්ෂයේ ඉන්න සියලු විපක්ෂ නායකයින් සහ විපක්ෂය පක්ෂවලින් ඉල්ලීමක් කරනවා එකතුවෙලා වැඩ කරමු ඒ වගේම ජාතික ජන බලවේගයට ඔරොත්තු දෙන්න පුළුවන් මූණ දෙන්න පුළුවන් විපක්ෂය නායකත්වයක් අපිට අත්‍යවශ්‍යයි. ඒ නායකත්වය සජිත් ප්‍රේමදාස නෙවෙයි. මට ඔහුත් එක්ක කිසිම පෞද්ගලික අමනාපයක් ප්‍රශ්නයක් නැ. හැබැයි අනුර කුමාර දිසානායකට විකල්පය සජිත් ප්‍රේමදාසවත් සජබවත් නෙවෙයි කියන එක මුළු රටම පිළිගන්නා කාරණයක’ එනිසා සියලු පක්ෂ එකතු වෙලා පුද්ගලික්වය ඉස්සරහට දාන්නේ නැතුව අපි එකතු වෙලා වැඩ කරමු කියලා යෝජනා කරනවා ‘