Image

ගම්පහ ඒකාබද්ධ වෙයි – ප්‍රසන්න රණතුංග සියලු පක්ෂ පෙළගස්වයි

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් එළඹෙන ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් ජනාධිපති බවට පත්කිරීම සඳහා ගම්පහ ආසනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු ප්‍රධාන පක්ෂ ඒකාබද්ධව නව වැඩපිළිවෙලක් සකස් කර ඇත.

ඒ සම්බන්ධව ඊයේ (3) පැවති රැස්වීමකදී ගෙයින් ගෙට යෑම, ඡන්ද පොළ නියෝජිතයින් පත්කිරීම, කුඩා ජන හමු මෙහෙයවීම, ඩිජිටල් තාක්ෂණය උපයෝගී කරගනිමින් සිදු කරනා ජනාධිපති මෙහෙයුම් කටයුතු ඒකාබද්ධව සිදු කිරීම ඇතුළු මෙහෙයුම් රැසක් සාකච්ඡා කළ බව වාර්තා වේ.

මෙම වැඩපිළිවෙළ සඳහා හිටපු පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් ගුණවර්ධන, ගම්පහ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ඇමති ප්‍රසන්න රණතුංග, එමෙන්ම ගම්පහ ප්‍රාදේශීය සභාව නියෝජනය කරන පොහොට්ටු මන්ත්‍රීවරුන් 16 දෙනෙකුට සම්බන්ධ වූ බව වාර්තාවේ.

මීට අමතරව, ගම්පහ ආසනයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායක වරුණ දීප්ත රාජපක්ෂ, පළාත් පාලන කොට්ඨාස නියෝජනය කරන එජාප නියෝජිතයන් මෙන්ම ගම්පහ නගර සභාව නියෝජනය කරන ‍ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 12 දෙනකුත් සහභාගී වී සිටි බව සඳහන්.

TRENDING POST