මේ වෙනකොට දේශපාලන වේදිකාව හරි උණුසුම්.
සාමාන්‍ය ජනතාවගේ මතය නම් මෙවර තම ජන්දය භාවිතය මගින් පෙරළියක් වන බවටයි.
ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ හතර ඇතුළත මේ වන විට දැඩි තරගයක් ඇති වී තිබෙනවා.
බොහෝ දෙනෙක් පවසන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එක්ව ජනාධිපතිවරණයට තරග වැදුණහොත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානයක මහතා පරාජය කළ හැකි බවයි.
කෙසේවෙතත් විශ්වාසවන්ත ආරංචි මාර්ග පවසන්නේ මේ වෙනතෙක් එවැනි තීරණයකට එළබී නොමැති බවයි.

