Image

රජයේ වී මිලට නිෂ්පාදකයෝ බාල්දි පෙරළයි.!

රජය විසින් වී කිලෝවක් සදහා නියම කළ සහතික මිලට එකඟ නොවන බව එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති මුදිත පෙරේරා සදහන් කරයි.

වී සදහා සහතික මිල නියම කිරීමේදී සහල් නිෂ්පාදකයන්ගේ වියදම් පිළිබඳව රජය අවධානය යොමුකර නොමැති බවද සභාපති මුදිත පෙරේරා සදහන් කරයි.

රජය වී මිල ගණන් සකස් කිරීමේදී සහල් නිෂ්පාදකයන්ගේ තොග රැස්කිරීමේ, තොග රඳවාගැනීමේ සහ බැංකු පොලිය ආදි වියදම් ගණනය කර නොමැති බවද සභාපතිවරයා සදහන් කරයි.

නව මිලත් සමඟ සහල් නිෂ්පාදකයන් දැඩි ගැටලුවකට මුහුණ දෙන බවත් මෙම මිල හේතුවෙන් ඉදිරියේදී සහල් ප්‍රශ්නය තවදුරටත් උග්‍රවියහැකි බවද සභාපතිවරයා සදහන් කරයි.

TRENDING POST