ජාතික ජන බලවේග ආණ්ඩුව පෞද්ගලික අංශයත් සමඟ සාකච්ඡා කර සේවකයින්ගේ පඩි වැඩි කරන්න කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කරයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කළේ,
“මේ ආණ්ඩුව ග්‍රාමීය ජනතාව දුප්පත්කමින් මුදවා ගන්නවා. ඒ දුප්පත් භාවයෙන් මුදාගන්න ආහාර ගන්න බැරි බෙහෙත් ගන්න බැරි දරුවන්ට උගන්න ගන්න බැරි සෑම පවුලකටම යම් ආධාරයක් ලබාදෙනවා. හැබැයි හැමදාම නෙමෙයි. දුප්පත්කම තුරන් වෙනකන් අපි ඔවුන් ආරක්ෂාකර ගගන්නවා.
අලුතෙන් පාසල් පටන්ගන්න කලින් පාසල් දරුවන්ට යම් දීමනාවක් දෙන්න සැලසුම් හදලා තියෙනවා. ඒ වගේම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් පිළිබඳව, හිටපු ජනාධිපති කියනවා එතුමා කැබිනට් මණ්ඩලයෙන් අනුමත කරලා සල්ලි පාස් කරාලු. අපිට තියෙන්නේ දෙන්න විතරයිලු.
ඉතිං දීලා යන්න තිබ්බනේ. මතකද රාජ්‍යසේවකයන් වැඩවර්ජනය කළා. විශ්ව විද්‍යාල මාස තුනක් වැහිලා තිබ්බා. එතකොට කිව්වා පඩි ගෙවන්න විදිහක් නැහැ කියලා. දැන් ගෙදර ගිහිල්ලා කියනවා මං සල්ලි තියලා ගියේ කියලා.
පව් හලෝ. එයා කැබිනට් තීන්දු ගත්තත් එකයි නැතත් එකයි. එයා සල්ලි වෙන් කරත් එකයි නැතත් එකයි ජාතික ජන බලවේගයේ පළමුවැනි අයවැයෙන්ම පඩි වැඩි කරනවා. පෞද්ගලික අංශයත් සමඟ සාකච්ඡා කරලා ඒ අයගෙත් පඩි වැඩි කරන්න කටයුතු කරනවා.
මේ පළාත්වල කෘෂි කර්මාන්තය, වී වගාව මං එනකොට දැක්කා එහා පැත්තේ ලියල හොඳට බැදලා තියෙනවා. මේ මහ කන්නය. හැබැයි අස්වැන්න නෙලනකොට වී මිල අඩුවෙලා. අද වී මිල ගණන්. කිලෝ එක 135 – 140යි. හැබැයි ගොවීන් ගාව වී තියෙනවද. නැහැ. වී ටික විකුණලා ඉවරයි. වී මිල ඉහළ යනවා.
එතකොට හාල් මිලත් ඉහළ යනවා. ගොවීන්ගේ වී නැහැ. මුදලාලිලා කිහිප දෙනෙක් හාල් මිල තීරණය කරනවා. ඒක පාලනය කරන්න නම් රජයේ ගබඩාවල වී තියෙන්න ඕන. හැබැයි පහුගිය කන්න වල ආණ්ඩුව වී ඇටයක් අරගෙන නැහැ. වී අලෙවි මණ්ඩලයේ සෑම ගබඩාවක්ම හිස්. ඉතින් කොහොමද හාල් මිල පාලනය කරන්නේ.
ව්‍යාපාර කරන මහත්වරුන්ගෙන් ඉල්ලනවා. කළේ නැත්නම් නීතිය ක්‍රියාත්මක කරනවා. හැබැයි නැවත මෙහෙම අර්බුදයක් වෙන්න ඉඩ දෙන්න ඉඩ තියන්නේ නෑ. අපි නියෝග දුන්නා වී අලෙවි මණ්ඩලයේ සියලුම ගබඩා අළුත්වැඩියා කරන්න. ඊළඟ මහ කන්නයේ වැඩිම වී ප්‍රමාණය ආණ්ඩුව මිලදී ගන්න අපි සැලසුම්කර තිබෙනවා.
අපි පොඩි මෝල් හිමියන්ට වී ටික දෙනවා. ඒ ගොල්ලන්ට කොටලා දෙන්න කියලා. සමූපකාර ජාලය හරහා විකුණන්න දෙනවා. එතකොට ඒගොල්ලන්ට ඒකාධිකාරියක් හදන්න බෑ. අපි මේ ප්‍රශ්න විසඳනවා. සංචාරක කර්මාන්ත විශාල පිම්මක් ගන්න සැලසුම් කරනවා.
රාජ්‍ය සේවය මීට වඩා කාර්යක්ෂම කර ඩිජිටල්කරණයට ආර්ථික යොමු කරන්න ඕන. මේ රට මේ කලාපයේ පිරිසිදු රට බවට පත්කරන වැඩපිළිවෙල ජාතික ජන බලවේගය ක්‍රියාත්මක කරනවා. මහන්සි වෙමු අපේ දරුවන්ට යහපත් අනාගතයක් ගොඩනඟන්න. මේ හැරවුම, මේ රට ආපහු හැරවීමට කිසිසේත් ඉඩ තියන්නේ නෑ.”
මහ මැතිවරණය වෙනුවෙන් පැවති ජන රැළියක් අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සදහන් කරයි.

