Image

නව මුහුණුවරකට වැඩබලන පොලිස්පති වැඩ අරඹයි.!

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් ශ්‍රී ලංකා පොලීසිය සහ මහජන සම්බන්ධතා ශක්තිමත් කිරීමට නව මුහුණුවරකින් මහජන ආරක්ෂක කමිටු පිහිටුවීම සඳහා චක්‍රලේඛයක් මඟින් සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් ලබාදී ඇත.

ශ්‍රී ලංකා පොලීසියේ දැක්ම යථාර්ථයක් බවට පත්කර ගැනීම සඳහා මහජන සහයෝගය ඉතා අත්‍යවශ්‍ය වූවක් බවත් රටට අනන්‍ය ආරක්ෂක සැලැස්මක් තුලින් මහජනයා ආරක්ෂා කිරීම සඳහා අපරාධ පාලනය හා කළමනාකරණය ඔස්සේ සමාජ සංහිදියාව පෝෂණය කිරීමේ ශ්‍රී ලංකා පොලිසියේ මෙහෙවරට මහජනයාගෙන් ලැබෙන සහයෝගය ඉතා වැදගත් බව සඳහන් කර ඇත.

මේ සඳහා තාරුණ්‍ය සතු නිර්මාණශීලිත්වය, අධිෂ්ඨාන ශක්තිය, නව දැනුම හා මහජනයා වෙත ඉක්මනින් ප්‍රවේශවීමේ හැකියාව වැනි අංග දායක කරගත යුතු අතර එමඟින් මහජන ආරක්ෂාව තහවුරු කිරීම පිණිස මහජන සහභාගිත්වය සක්‍රීය ලෙස ලබාගැනීම සඳහා නව ප්‍රවේශයක් වශයෙන් ග්‍රාම නිලධාරි වසම් 14,022 ක් ආවරණය වන පරිදි මහජන ආරක්ෂක කමිටු පිහිටුවා ඒ සඳහා පොලිස් නිලධරයන් අනුයුක්ත කරනු ලබයි.

දැනට ක්‍රියාත්මක ප්‍රජා පොලිස් සංකල්පය, කාලීන අවශ්‍යතාවට ගැලපෙන පරිදි ක්‍රමවේද යවත්කාලීන කරමින් ක්‍රියාත්මක කර පවත්වාගෙන යාම සඳහා මෙම පියවර ගෙන ඇති බව පොලිස් මාධය කොට්ඨාසය සඳහන් කරයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.