Image

විදුලි බිල නැවත සංශෝධනය කරන ලෙස දන්වයි.!

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා පැවසුවේ විදුලි ගාස්තු සංශෝධනයට අදාලව ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කළ ගාස්තු අඩුකිරීම ප්‍රමාණවත් නොවන බැවින් එම ගාස්තු සංශෝධනයට අදාළව නව යෝජනාවලියක් ඉදිරිපත් කරන ලෙස ලංකා විදුලි බලමණ්ඩලයට දැනුම් දුන් බවයි.

ඒ අනුව සංශෝධිත යෝජනාවලිය ලබන 8 වන දිනට පෙර මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලෙස විදුලි බල මණ්ඩලයට දැනුම් දී ඇත.

විදුලි ගාස්තු සංශෝධනයට අදාළව යෝජනාවලිය පසුගිය ඔක්තෝබර් මස 24 වෙනිදා ලංකා විදුලි බලමණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ අතර එමඟින් විදුලි ගාස්තු සියයට 4ත් 11ත් අතර ප්‍රතිශතයකින් පහළ දැමීමට යෝජනා වී තිබුණි.

TRENDING POST