Image

සුළි සුළඟින් පුත්තලමේ මහ විපතක්.!

පුත්තලම ආපදා කළමනාකරන ඒකකයේ සඳහන් කරන්නේ පුත්තලම ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ හමාගේ විශාල සුළඟ හේතුවෙන් ප්‍රදේශය ගොඩනැගිලි රසකට සහ නිවාස රැසකට අලාභ හානි සිදුවී ඇති බවයි.

හමා ගිය සුළඟින් පුත්තලම නගර සභාවට අයත් නව නගර ශාලාව, පුත්තලම නව වෙළඳ මධ්‍යස්ථානය, ඇඟලුම් කම්හලක්, ලුණු සමාගමක ගොඩන්ගිල්ලක් ඇතුලු නිවාස රැසක් හානි වී ඇති බව වාර්තා වෙයි.

පුත්තලම නගර සභාවේ ලේකම් ප්‍රීතිකා මහත්මය සඳහන් කළේ නගර සභාවේ නව ශාලාවට සිදුව ඇති හානිය මෙතෙක් ගණනය කර නොමැති අතර එය මිලියන ගණනක හානියක් විය හැකි බවයි.

TRENDING POST