ඉදිරි පැය 24 දක්වා වලංගු වන පරිදි ගිගුරුම් සහිත තද වැසි පිළිබඳ අවවාදාත්මක රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.
ඒ අනුව උතුරු, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 200ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
ඊයේ පෙරවරු 8.30 සිට අද අලුයම 4.15 දක්වා කාලය තුළ වැඩිම වර්ෂාපතනය අම්පාර, ලාහුගල ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර එය මිලිමීටර් 191ක් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේතුව සදහන් කරයි.
අම්පාර මහඔය ප්‍රදේශයෙන් මිලිමීටර් 149.5ක වර්ෂාපතනයක් වාර්තා වී ඇති අතර දමන ප්‍රදේශයෙන් මිලිමීටර් 147ක වර්ෂාපතනයක් සහ පුත්තලම දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මිලිමීටර් 100ක පමණ තද වැසි වාර්තා වී ඇත.
දිවයිනේ අනෙකුත් පළාත් රැසකට තද වැසි ඇතිවිය හැකි බවත් උතුරු, උතුරුමැද, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවද සදහන් කරයි.
ගිගුරුම් සහිත තද වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.

