Image

රාජිත සේනාරත්න ආණ්ඩුවට

රට තුළ සිදු වූ මහා පරිහානියට වගකිව යුතු කණ්ඩායම් හතරක් මේ වන විට තමන් විසින් හඳුනාගෙන ඇති බවත් ඔවුන් කිසිවක් නොදන්නා පුද්ගලයින් සේ ජනතාව නොමග යවමින් සිටින බව සමගි ජන බලවේග පක්ෂයේ ජනාධිපතිවරණ මෙහෙයුම් ප්‍රධානී සුජීව සේනසිංහ සදහන් කරයි.

තමන් විසින් හඳුනාගෙන ඇති එම කණ්ඩායම් හතර කොටි සංවිධානය, ජනතා විමුක්ති පෙරමුණ, රාජපක්ෂ පවුල සහ මුල සිටම ඩීල් දමමින් දේශපාලනය කළ රනිල් වික්‍රමසිංහ බවද මෙහෙයුම් ප්‍රධානී සුජීව සේනසිංහ සදහන් කරයි.

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පක්ෂය හැර යන්නේ නම් එය ඔහුගේ පවුලට බලපාන යම් හේතුවක් නිසා සිදුවිය හැකි බවද මෙහෙයුම් ප්‍රධානී සුජීව සේනසිංහ සදහන් කරයි.

අන්තර්ජාල නාලිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සමගි ජන බලවේග මෙහෙයුම් ප්‍රධානී සුජීව සේනසිංහ මේ බව සදහන් කරයි.

TRENDING POST