Image

රනිල් අලියයි පක්ෂෙයි දෙකම පොහොට්ටුවට විකුණුවා

රනිල් වික්‍රමසිංහ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා අලියත් පක්ෂයත් පොහොට්ටුවට විකුණා දමා ස්වාධීනව ඡන්දය ඉල්ලන බව සමගි ජන බලවේගය පවසයි.

එම පක්ෂයේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පෙන්වා දෙන්නේ එදා සජිත් ප්‍රේමදාස දුරදිග බලා සමගි ජන බලවේගය නිර්මාණය නොකළේ නම් එජාප පාක්ෂිකයාට දේශපාලනය කිරීමට පවා තැනක් නොමැති වන බවයි.

ධම්මික පෙරේරා වෙනුවට නාමල් රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම තමන්ට වාසි බව සඳහන් කළ ඇය පෙන්වා දුන්නේ මේ සමග දැනට රනිල් සමග සිටින පිරිසෙන් කොටසක් නැවත පොහොට්ටුවට යනු ඇති බවයි.

කෙසේ වුව ද මෙම ජනාධිපතිවරණයේ දී නාමල් රාජපක්ෂට 4 වන හෝ 5 වන තැන හිමි වන බවයි, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අවධාරණය කළේ.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.