සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා සහ ශ්‍රී ලංකා ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා එළඹෙන ජනාධිපතිවරණයේදී තම සහයෝගය සමගි ජන බලවේගයේ නායක ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලබාදීමට සූදානමින් පසුවන බව වාර්තාවේ.
මේ සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර සාකච්ඡාවට කිහිපයක් පැවැත්වී ඇති අතර තව කිහිප දිනක් තුළ එම එකඟතාවය ප්‍රසිද්ධ කිරීමට නියමිත බව සඳහන්.
කෙසේවෙතත්, එම කණ්ඩායම් වල සහයෝගය රනිල් වික්‍රමසිංහ පාර්ශව වෙත ලබාගැනීම සඳහා ආණ්ඩුවේ ඉහළ පෙලේ නියෝජිතයින් සාකච්ඡා කිහිපයක් පවත්වා ඇති නමුත් එම සාකච්ඡා අසාර්ථක වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.