ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය ඉදිරිපත් කළ ජනාධිපති අපේක්ෂකයාට සහාය නොදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දීමට එක්වු පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 92කගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට කටයුතු කරන බව එහි ලේකම් නීතිඥ සාගර කාරියවසම් සදහන් කරයි.
පොදුජන පෙරමුණ පක්ෂයට එරෙහි වු සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පරීක්ෂණ ආරම්භ කිරීමට තීරණය කළ බවත් විනය ක්‍රියාමාර්ග වලින් පසු ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට කටයුතු කරන බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.
එම මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් වහාම විනය පියවර ගන්නා ලෙස පක්ෂයේ ක්‍රියාකාරීන් ඉල්ලීම් කරමින් සිටින බැවින් ඊට අවශ්‍ය මූලික කටයුතු කරගෙන යන බවත් ඒ ගැන මන්ත්‍රීවරුන්ට ලිපියක් යොමු කරමින් දැනුම් දෙන බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.