රටේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම ඉලක්ක කර ගනිමින් උසස් අධ්‍යාපන ක්‍රමයේ පරිවර්තනයක් සිදු කිරීම සඳහා වන පුළුල් ප්‍රතිසංස්කරණ සැලැස්මක් ක්‍රියාත්මක කිරිමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදහන් කරයි.
නව විශ්වවිද්‍යාල ඇති කිරීමට සැලසුම් කරමින් සිටින බවත් මේ වන විටත් තිබෙන විශ්වවිද්‍යාල පුළුල් කිරීමට කටයුතු කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදහන් කරයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ තවදුරටත් සදහන් කළේ,
“මම මෙම අවස්ථාවට සහභාගී වීමට පෙර මෙරට ආර්ථික තත්ත්වය පිළිබඳ වැදගත් සාකච්ඡාවකට සභාගී වුණා. එහිදී අනාවරණය වූ ආකාරයට, ඉදිරියේදී ඔබට යම් සුභ ආරංචියක් අසන්නට ලැබෙනු ඇතියි. එය විදෙස්ගත වීමට අපේක්ෂාවෙන් සිටින විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මෙරට රඳවා ගැනීමටද ඉවහල් වනු ඇති බව සඳහන් කළ යුතුයි.
අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළ ආකාරයට පසුගිය වසර දෙක ඉතා දුෂ්කර කාල වකවානුවක් වුණා. අපගේ අමාත්‍යවරුන් පෙන්වූ දක්ෂතාව නිසා පළමු වසර තුළ අපට අර්බුදයෙන් මිදීම සඳහා මග සලසා ගැනීමට හැකිවුණා. අර්බුදයට ගොස් තිබු මෙරට ආර්ථිකය අප මුල සිට ගොඩනැගුවා.
මේ වන විටත් අප නිල ණය හිමියන්ගේ කමිටුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ වෙනත් පාර්ශ්ව සමඟ ගිවිසුම් ගතව සිටිනවා. එම ගිවිසුම්වල බොහෝ යෝජනා ඇතුළත් වෙනවා. ඒවායේ දැක්වෙන මිණුම් දඬු තුළ අප ක්‍රියා කළ යුතු අතර ඔබ ඒ පිළිබඳ දැනුවත් විය යුතුයි.
නිල ණය හිමියන්ගේ කමිටුවේ රටවල් 17, චීන එක්සිම් බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව ඇතුළු සමස්ත පාර්ශ්වකරුවන් 21ක් සමඟ එකඟ වී ඇති සාර්ව ආර්ථික මිණුම් දඬු පිළිබඳ සාකච්ඡා සඳහා අපට වසරක පමණ කාලයක් ගතවුණා. මෙම මිණුම් දඬු වෙනස් කළ නොහැකියි.”