හිටපු ඇමති එස්. බී නාවින්න මහතා ජනපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහට සහය දීම සඳහා එක්වෙමින් පවසා සිටියේ මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් අතරින් රටේ අනාගතය බාර ගැනීමට සුදුසුම අපේක්ෂකයා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බවයි.
එහිදී අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා පැවසූවේ මෙරට පැවති අර්බුදයෙන් පසුව ගත වූ වසර දෙකක කාලය තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට වෙනුවෙන් සිදුකළ වැඩ කොටස මෙරට පුරවැසියන් අමතක නොකළ යුතු බවයි.
මෙරට අනාගතය යහපත් කිරීම වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට වසර 4කට පසු යළිත් තමා ක්‍රියාකාරී දේශපාලනයට පැමිණි බවද හිටපු අමාත්‍යවරයා පැවසීය.
ඔහු මෙම අදහස් පළකළේ කොළඹ 07 මල්පාරේ පිහිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලයට පැමිණි අවස්ථාවේදීය.

