Image

මැතිවරණය කල්දාපු එකට මම කනගාටු වෙන්නේ නෑ.. ජනපතිගෙන් සැර ප්‍රකාශයක්.!

පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම ගැන තමන් කනගාටු වෙන්නේ නැති බවත් ජනතාවට ජීවත්වීමේ අයිතියට තමන් ගරු කළ බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදහන් කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ තවදුරටත් සදහන් කළේ,

“පෝලිම් තිබුණා හැමතැනම. ගෑස් පෝලිම ඉවර වෙනකොට පෙට්‍රල් පෝලිම පටන් ගන්නවා. පෙට්‍රල් පෝලිම ඉවර වෙනකොට බෙහෙත් පෝලිම පටන් ගන්නවා. මෙහෙම පෝලිම් තිබුණේ. ඔබ සියලු දෙනාම අමාරුවෙන් ජීවත්වුණේ. අලුතෙන් කියන්න වුවමනා නැහැ. මම දන්නවා ඒ වින්ද දුක.

දැන් අවුරුදු දෙකක් ඇවිල්ලා අර්ථිකය ස්ථාවර කරලා තිබෙනවා. අපි පෝලිම් නැති කරලා තියෙනවා. ආදායම් වැඩි කරලා තියෙනවා. සමහර භාණ්ඩවල මිල අඩුවෙලා තියෙනවා. මේ ඔක්කොම තියෙනවා. ඒත් තවමත් බරක් මේ රටේ ජනතාවට තියෙනවා. නැහැ කියන්නේ නැහැ. ඒකත් අපි ඊළඟ අවුරුදු දෙකේ විතර නැති කරනවා.

මේ ඔක්කොම අමතක කරලා මම ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය තිබ්බා නම් මොකක්ද වෙන්නේ. එච්චරයි මං අහන්නේ. ඔබතුමන්ලා තීරණය කරන්න. මගේ කිසිම කනගාටුවක් නැහැ මේක කල්දාපු එක ගැන. ජනතාවට ජීවත්වීමේ අයිතියට මම ගරු කළා. ඡන්ද අයිතියටත් මම ගරු කළා.”

නව ජනතා පෙරමුණේ ජාතික මහා සම්මේලනට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සදහන් කරයි.

TRENDING POST