Image

ජනපති රනිල් මුස්ලිම් ජනතාවගෙන් සමාව ඉල්ලයි

තමන් රට බාරගැනීමෙන් පසුව බඩු මිල ගණන් අඩු කළ බවත් ඉදිරියේදී රුපියල ශක්තිමත් කර බඩු මිල ගණන් තවදුරටත් අඩු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදහන් කරයි.

රුපියල ශක්තිමත් කිරීමට සහ දල දේශීය නිෂ්පාදනය වැඩි කිරීම ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහ අනුර කුමාරට නොහැකි බවත් එනිසා කාලය නාස්ති නොකර ගෙදර ඉන්න ලෙසද ජනාධිපතිවරයා සදහන් කරයි.

රටේ ජනතාව අමාරුවෙි සිටි අවස්ථාවේදී ඔවුන්ට රට බාරගැනීමට අවස්ථාවක් ලබාදුන් බවත් ඔවුන් රට බාර නොගෙන පැන ගිය බවත් ඒ අවස්ථාවේදී තමන් රට බාරගත් බවද ජනාධිපතිවරයා සදහන් කරයි.

භූමිදානය නොකර ආදාහනය කිරීමට සිදුවීමෙන් මුස්ලිම් ජනතාවට ලොකු හානියක් සිදුවු බවත් ඒක යළිත් නොකිරීමට අලුත් නීතියක් ගෙන එන බවද ජනාධිපතිවරයා සදහන් කරයි.

ඒ හරහා කැමති පුද්ගලයින් ආදාහනය කිරීමටත්, කැමති පුද්ගලයින් භූමිදානය කිරීමටත්, කැමති පුද්ගලයින් තමන්ගේ ශරීරය වෛද්‍ය පීඨයට ලබාදීමට හැකි බවද ජනාධිපතිවරයා සදහන් කරයි.

ඉදිරියේදී මේ සම්බන්ධයෙන් හානි සිදුවු අයට වන්දි ගෙවීමට කොමිසමක් පත් කරන බවත් ගිය ආණ්ඩුවේ එය සිදුවුණද මේ ආණ්ඩුවේ ඒ ගැන මුස්ලිම් ජනතාවගෙන් සමාව ඉල්ලන බවද ජනාධිපතිවරයා සදහන් කරයි.

මඩකලපුවේ පැවති ජන රැළියක් අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සදහන් කරයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.