Image

ගැමුණු සංගම් 10ක් සමග රනිල්ට එක්වෙයි.!

පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය ලබාදීම සදහා ප්‍රවාහන සංගම් 10ක් එක්ව ඇති බව ලංකා පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සදහන් කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මැතිවරණ කාර්යාලයේදී සභාපති ගැමුණු විජේරත්න ඇතුළු ප්‍රවාහන සංගම් 10 ජනාධිපතිවරයා හමුවී මේ බව දැනුම් දී ඇත.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය, අන්තර් පළාත් බස් හිමියන්ගේ සංගමය, පොදුජන පෙරමුණ බස් සංගමය, බහලුම් ප්‍රවාහන සංගමය, කාර්යාල ප්‍රවාහන සංගමය, සමස්ත ලංකා රියදුරු වෘත්තීය සමිතිය, සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා හිමිකරුවන්ගේ සංගමය, සමස්ත ලංකා පාසල් බස් රථ සංගමය, දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය, ජාතික ටැක්සි ත්‍රිරෝද රථ වෘත්තිකයන්ගේ එකමුතුව යන සංගම් ජනාධිපතිවරයාට සහාය පල කර ඇත.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.