Image

සජිත් සහ අනුර ගේන්න හදන්නේ ගෝඨාගේ පරණ ආර්ථික සැලැස්මමයි….! – ජනපති

සමගි ජන බලවේගයට හෝ ජාතික ජන බලවේගයට හෝ රටේ ආර්ථිකය දියුණු කිරීමට කිසිදු සැලැසැමක් නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ඔවුන් රටේ බදු අඩු කර බඩු මිල වැඩි කරන බව පැවසුව ද එමගින් ඇති වන ආදායම් වියදම් පරතරය පියවා ගන්නා හැටි නොපවසන අතර ගෝඨාභය රාජපක්ෂ ද සිදු කළේ මෙයම බවත් හෙතෙම පෙන්වා දෙයි.

ජනාධිපතිවරයා විමසා සිටින්නේ, සජිත් ප්‍රේමදාස සහ අනුර දිසානායක ක්‍රියාත්මක කරන බව කියන්නේ ගෝඨාභය රාජපක්ෂගේ ආර්ථික ප්‍රතිපත්තියම නම් අරගල කොට ගෝඨාභය රාජපක්ෂ පළවා හැරියේ කුමකට ද යන්නයි.

මේ වන විට ආර්ථිකය ස්ථාවර කර ඇති බවත් ජාතික නිෂ්පාදනය වැඩි කොට එහි ප්‍රතිලාභ ජනතාවට ලබා දීම සිය අරමුණ බවත් ජනාධිපතිවරණය පවත්වන්නේ එය ඉදිරියට ගෙන යාමට බවත් රනිල් වික්‍රමසිංහ අවධාරණය කරයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.