පාසල් සිසුන්ට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබාදීම සඳහා තමන් ධවල පත්‍රිකාව ගෙන ආ අවස්ථාවේදී ජනතා විමුක්ති පෙරමුණ ඊට විරුද්ධ විම හේතුවෙන් රටේ තරුණ තරුණියන් විශාල පිරිසකට ඉංග්‍රීසි අධ්‍යාපනය අහිමි වු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදහන් කරයි.
මෙරට තරුණ තරුණියන්ට අධ්‍යාපනය යනු අත්තටු බවත් තමන් තරුණ තරුණියන්ට අත්තටු ලබාදෙන විට ජනතා විමුක්ති පෙරමුණ එදා සිදු කළේ ඔවුන්ගේ කකුල් වලට දම්වැල් දැමීම බවද ජනාධිපතිවරයා සදහන් කරයි.
අත්තටු තිබේ නම් ඕනෑම තැනකට ඉගිලිය හැකි බවත් තමන් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස මෙරට පාසල් අධ්‍යාපනය වෙනුවෙන් විශාල වැඩකොටසක් ඉටු කළ බවද ජනාධිපතිවරයා සදහන් කරයි.

