Image

පාස්කු ප්‍රහාරයේ තොරතුරු ඇතුළත් වාර්තා දෙකක් රනිල් ප්‍රසිද්ධ කරේ නෑ.. සියල්ල හැංගුවා.. උදයගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්.!

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කොමිසන් වාර්තා දෙකක් ලැබී තිබුණද ඒවා ප්‍රසිද්ධ නොකිරීමට කටයුතු කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ උදය ගම්මන්පිල සදහන් කරයි.

හිටපු ජනාධිපතිවරයාට ලැබී තිබුණු එම වාර්තා ප්‍රසිද්ධියට පත් කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ වගකීමක් බවද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ උදය ගම්මන්පිල සදහන් කරයි.

එම වාර්තා අධ්‍යයනය කර ජනාධිපති අනුර කුමාර දිසානායක කටු වාපිටියට ගියේ නම් එහිදි වින්දිතයන් ඇසූ ප්‍රශ්නවලට සෘජු පිළිතුරු ලබාදිය හැකිව තිබුණ බවද හිටපු මන්ත්‍රීවරයා සදහන් කරයි.

හිටපු මන්ත්‍රී නීතීඥ උදය ගම්මන්පිල තවදුරටත් සදහන් කළේ,

“ජනාධිපතිතුමා ඊයේ කටුවාපිටිය පල්ලියට ගොස් ඇති බව මාධ්‍ය වලින් දැක්කාම අපි හිතුවේ පාස්කු ප්‍රහාරය පිළිබඳ හිටපු ජනාධිපති සැඟවූ කතෝලික පල්ලිය ප්‍රසිද්ධ කරන්න කියලා නිතර ඉල්ලන වාර්තා දෙක ප්‍රසිද්ධ කරන්න ඒ පල්ලියට ගියා කියලා.

නමුත් එතුමා ගිහින් තිබුණේ හිස් අතින්. පල්ලියට රැස් වුණු වින්දිතයෙකු ඉල්ලා සිටියේ අපේ බුද්ධි අංශ මේ ප්‍රහාරයට සම්බන්ධ බවට චෝදනා තිබෙන නිසා අළුත් පරීක්ෂණ ආරම්භ කරන්න කලින් ඒ නිලධාරින්ගේ වැඩ තහනම් කරන්න කියලා.

අපේ බුද්ධි අංශ වලට චැනල් ෆෝ එල්ල කළ චෝදනාවට පදනමක් තිබෙනවා ද කියලා බලන්න හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.අයි ඉමාම් මහතාගේ සභාපතිත්වයෙන් කොමිසමක් පත් කළා.

ඒ විමර්ශන වාර්තාව පසුගිය ජූනි මාසයේ ජනාධිපතිට භාර දුන්නා. නමුත් අබිරහස් හේතුවකට කාව ‌හෝ රැක ගන්න ඒ වාර්තාව ප්‍රසිද්ධ කලේ නෑ. ඒ වගේම පාස්කු ප්‍රහාරය පිළිබඳ බුද්ධි අංශ වල ක්‍රියාකාරිත්වය පිළිබඳ නිශ්චිත කරුණු හතරක් විමර්ශනය කරන්න විශ්‍රාමික විනිසුරු ඒ.එන්. ජේ අල්විස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොමිසමක් පත් කළා.

මේ වාර්තා දෙකම හිටපු ජනාධිපතිට ලැබුනත් එකක්වත් ප්‍රසිද්ධ කලේ නෑ. ජනාධිපතිතුමා මේ වාර්තා අධ්‍යනය කරලා කටුවාපිටියේ ගියා නම් මේ වාර්තා අරගෙන කටුවාපිටියේ ගියා නම් වින්දිතයින් නගපු ප්‍රශ්න වලට වැනෙන්නේ නැතිව කෙලින් පිළිතුරු දෙන්න තිබුණා.”

පිටකෝට්ටේ පිහිටි පක්ෂ කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ උදය ගම්මන්පිල මේ බව සදහන් කරයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.