Image

රනිල් සමඟ එක් වීමට නියමිත පොහොට්ටු මන්ත්‍රීවරු ලැයිස්තුව

ඊයේ (29) දිනයේදී විජයරාම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේ පිහි පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබුණේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබා නොදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනම අපේක්ෂකයෙකු ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරනා බවයි.

එහිදී මහින්දානන්ද අලුත්ගමගේ, බන්දුල ගුණවර්ධන, ප්‍රදීප් උදුගොඩ, කෝකිලා හර්ෂණී ගුණවර්ධන, සහන් ප්‍රදීප්, රමේෂ් පතිරණ, කාංචන විජේසේකර, ප්‍රසන්න රණතුංග කනක හේරත්, මොහාන් ප්‍රිදර්ශන, ජනක වක්කුඹුර පක්ෂයෙන් වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට ඉදිරිපත් වූ යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත් අවසන් වශයෙන් තීරණය වී තිබුණේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනම අපේක්ෂකයකු ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කිරීමටයි.

එලෙස විරුද්ධ වූ මන්ත්‍රීවරුන් අතරින් බන්දුල ගුණවර්ධන මහතා මේ වන විටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ කටයුතු සඳහා සහාය පළ කරන බවට නිල වශයෙන් ප්‍රකාශ කර ඇති අතර මහින්දානන්ද අලුත්ගමගේ, ප්‍රදීප් උදුගොඩ, කෝකිලා හර්ෂණී ගුණවර්ධන, සහන් ප්‍රදීප්, රමේෂ් පතිරණ, කාංචන විජේසේකර, ප්‍රසන්න රණතුංග කනක හේරත්, මොහාන් ප්‍රිදර්ශන සහ ජනක වක්කුඹුර යන පිරිසද රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය පළ කිරීමට නියමිත බව වාර්තාවේ.

ඊයේ (29) දිනයේදී දේශපාලන මණ්ඩල සාකච්ඡාවෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ සහ එහි මහලේකම් සාගර කාරියවසම් මහතා පැවසූ පරිදි එලෙස ජනාධිපතිවරයාට සහාය පළ කරන මන්ත්‍රීවරුන්ට විනය ක්‍රියාමාර්ග ගනු ලබන අතරින් ඔවුන්ට පක්ෂ සාමාජිකත්වයට අහිමි වනු ඇත.

TRENDING POST