Image

මගේ පළපුරුදු කණ්ඩායම පාර්ලිමේන්තු යවන්න.. නැත්නම් KDU බස් එක වගේ පෙරළෙයි.! රනිල්

තමන් පාර්ලිමේන්තුවේ සිටියා ඇති බවත් ගෑස් සිලින්ඩරයෙන් අලුත් කණ්ඩායමක් පාර්ලිමේන්තුව වෙත යැවිය යුතු බවද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදහන් කරයි.

මාලිමාව ආණ්ඩුවේ පළපුරුදු කවුරුත් නොමැති බවත් ගෑස් සිලින්ඩරයේ පළපුරුදු පුද්ගලයින් සිටින බවද හිටපු ජනාධිපතිවරයා සදහන් කරයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදහන් කළේ,

“නෑ මම දැන් පාර්ලිමේන්තුවේ හිටියා ඇති. මම හිතන්නේ දැන් අපේ මේ සිලින්ඩරයෙන් එහෙම අලුත් කණ්ඩායමක් ඇතිකරන්න ඕනේ. මොකද මේ අය විතරයි අද රටේ පළපුරුදු අය ඉන්නේ.

ආණ්ඩුවේ කවුරුත් නැහැ පළපුරුදු අය. මේ අය දැන් අවුරුදු තුන හතරක් වැඩ කළා. කවුරුත් නැති වෙලාවේ මට උදව් කළා මේක අවුරුදු දෙකකින් හරවා ගන්න.

මම හිත්නේ ලෝකේ සීග්‍රයෙන් බංකොලොත් බවින් පිට වුණ රට තමයි ලංකාව ඉතින් මේ යන විදිහට කොහේ යයිද කියලා අපි දන්නේ නැහැ. අර KDU බස් එක වාගේ පෙරළෙන්න පුළුවන්.

ඉතින් ඒ නිසා තමයි මම කියන්නේ දන්න අය, පළපුරුදු අය එවන්න පාර්ලිමේන්තුවට. සමහරු කියවා ඔක්කොම ගෙනල්ලා දාන්න කියනවා. පළපුරුදු නැති අය. දැකලා තියෙනවාද.? මේක හරියට සැඟවුණු අමුත්තා වගේ.”

කොළඹ ටොරින්ටන් ආකේඩ් පරිශ්‍රයේදී තරුණයන් වෙනුවෙන් 3 idiots හින්දි චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමේ අවස්ථාවට එක්වෙමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සදහන් කරයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.