Image

ජවිපෙ ජනතාවගෙන් සමාව ගත යුතුයි.!

නුවරඑළිය ප්‍රදේශයේ මෙවර මහ මැතිවරණය සඳහා අලියා ලකුණින් ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය සඳහා පැවති ජන හමුවකදී රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ වතුකරයේ ජනතාවට පුරවැසිභාවය ලබාදීමට විරුද්ධ වූ ජනතා විමුක්ති පෙරමුණ එම ජනතාවගෙන් දැන්වත් සමාව ගත යුතු බවයි.

හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසූවේ එක්සත් ජාතික පක්ෂය මූලික වී වතුකරයේ ජනතාවට එදා පුරවැසිභාවය දෙන විට ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර ඊට විරෝධය පළ කළ බවයි.

“මේ මම කතා කරන එක්සත් ජාතික පක්ෂයේ පළමු රැස්වීම හැම තැනම අප සිලින්ඩරයෙන් ඉදිරිපත් වුනත් නුවරඑළියේ අලියාගෙන් ඉදිරිපත් විය යුතු බව ජීවන් තොණ්ඩමන් මහතා පැවසුවා. 1947 වසරේ සිට සෑම පාර්ලිමේන්තු මැතිවරණයකම තරග කළ එකම පක්ෂය වන්නේ එක්සත් ජාතික පක්ෂයයි.එජාපයේ අලියා සහ මේ ප්‍රදේශයේ ජනතාව අතර විශාල සම්බන්ධයක් තිබෙනවා. මේ ප්‍රදේශයේ ජනතාවට ජීවත් වීම සඳහා පහසුකම් ලබා දෙන අතර 1986 දී සිරිමා ශාස්ත්‍රී සහ සිරිමා ඉන්දිරා ගිවිසුම් දෙක යටතේ ඉන්දියාවේ හෝ ලංකාවේ පුරවැසිභාවය නොලැබුණු හැමදෙනාටම අප ලංකාවේ පුරවැසිකම ලබා දුන්නා. තොණ්ඩමාන් ඇමතිතුමා ගත් එම පියවරත් ජේ. ජයවර්ධන ජනාධිපතිතුමා ඊට ලබා දුන් සහයත් සමග අප සියලු දෙනා ඊට අනුකූලතාවය ලබා දුන්නා. ඒ කාලේ ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර මේකට විරුද්ධ වුණා. ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණ මෙම ජනතාවගෙන් සමාව ගත යුතු බව මා ජනාධිපති අනුර දිසානායක මහතාට කියනවා. එදා ජනතා විමුක්ති පෙරමුණ මේ වතුකරයේ ජනතාවට ඡන්ද අයිතිය දෙන්න එපා කිව්වා”

TRENDING POST