Image

නිකං ඉන්න එකේ මම කොමිටියක් දානවා – රනිල්

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස රවී කරුණානායක මහතා පත්කිරීම සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීම සදහා රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් සිව් පුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමිව තිබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් එකක් සඳහා රවි කරුණානායකගේ නම සදහන් ලිපිය පසුගියදා එම පක්ෂයේ මහලේකම් ශර්මිලා පෙරේරා මැතිවරණ ලේකම් කාර්යාලයට යොමු කර තිබුණා.

කෙසේවෙතත් පසුව අනාවරණය වූයේ එය පක්ෂයේ දැනුවත්වීමකින් තොරව සිදුවූ වංචා සහගත ක්‍රියාවක් බවයි.

රවි කරුණානායක මහතා මීට පෙර එක්සත් ජාතික පක්ෂ රජයන්හී මුදල්, විදේශ කටයුතු, වෙළෙඳ හා පාරිභෝගික කටයුතු වැනි අමාත්‍යංශ ගණනාවක අමාත්‍යවරයෙක් ලෙසට කටයුතු කළා.

අවස්ථා කිහිපයදීම දූෂණ චෝදනා එල්ලවූ ඔහු 2016 වසරේ මාර්තු මස 31 වනදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසියේදී රුපියල් බිලියන 15 ක් වටිනා බැඳුම්කර සම්බන්ධයෙන් සාපරාධී සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා මත අත්අඩංගුවට ගැණුනා.

පසුව අදාළ එල්ල කර තිබෙන චෝදනාවලින් චෝදනා 11 ක් පවත්වාගෙන යාමට නොහැකි බව පවසමින් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකු නිදහස් කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල 2021 වසරේ නියම කළා.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.