Image

ලොවටම රහසින් රනිල් පීඩා විඳි බරපතල රෝග 11ක් අධිකරණයේදී හෙළි කරයි.!

රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට ඇතුළත් කර සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පීඩා විඳිමින් සිටින බරපතල රෝගාබාධ 11ක් සම්බන්ධයෙන් අද (26) අධිකරණයේදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් විසින් අනාවරණය කළේය.

ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමර්ත්න මහතා විසින් හිටපු ජනාධිපතිවරයාගේ ඇප ඉල්ලීම සිදුකරමින් මෙම කරුණු අධිකරණයට දන්වා සිටියේය.

ඒ අනුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පීඩා විඳිනා රෝග මෙසේය,

හෘද වස්තුවේ පටක මියයාමක් තිබෙනවා.

හෘද වස්තුවේ ප්‍රධානි ධමනි 4න් 3ක් අවහිර වෙලා.

නිදන්ගත වකුගඩු රෝගී තත්වයකින් පෙළෙනවා.

නින්දෙන් හුස්ම හිරවීමේ රෝගයක් තිබෙනවා, සමහරවිට විනාඩි 2-3ක් හුස්ම හිරවී තිබෙනවා, ගොරවන සද්දය අනුව පමණයි එය තේරුම් ගන්න පුළුවන්, ඒ නිසා මොහු නිදාගද්දී CPAP යන්ත්‍රයකට සම්බන්ධ කළ යුතුයි.

මොහුට පෙණහලු ආසාදනයක් තිබෙනවා.

ශරීරයේ සෝඩියම් අඩුයි.

අධි රුධිර පීඩනයෙන් පෙළෙනවා.

කැරකිල්ල තිබෙනවා.

ක්ෂණික හෘදයාබාධයක් ඒමේ සම්භාවිතාවක් තිබෙනවා.

අග්න්‍යාශයේ ආසාදනයක් තිබෙනවා.

ශරීරයේ ප්‍රතිශක්තීකරණය අඩුයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමර්ත්න මහතා පැවසූවේ ‘ස්වාමීනී කෙටියෙන් කිව්වොත් මොහුට තියෙන්න ඕනේ ලෙඩ ටික ඔක්කොම තියෙනවා’ යනුවෙනි.

TRENDING POST