Image

රනිල් ලඟට ගිය මන්ත්‍රීවරුන්ට තුවක්කු සහ මත්පැන් බලපත්‍ර 1200ක් බෙදයි

එළඹෙන ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා වෙත සහයෝගය ලබාදීම සඳහා කැමැත්ත පල කළ මන්ත්‍රීවරුන්ට ඕනෑම පන්නයේ ගිනි අවියක් මිලදී ගත හැකි ආකාරයේ ගිනි අවි බලපත්‍රයක් සහ එම කණ්ඩායමට බෙදා දීම සඳහා මත්පැන් බලපත්‍ර 1200 කට වැඩි සංඛ්‍යාවක් වෙන්කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ජයසේකර මහතා මේ බව සඳහන් කළේය.

රුපියල් ලක්ෂ තුනේ සිට ඉහළට ගිනි අවි මිලදී ගැනීම සඳහා එම ලබා දී ඇති බලපත්‍රවලින් හැකියාව පවතින බවත් පසුගිය අරගලය සමයේ නිවෙස් වලට හානිය වූ පුද්ගලයන් සඳහා කෝටි තුන හතර මුදල් ලබාදී ඇති බවද ජයසේකර මහතා අනාවරණය කළේය.

කෙසේ වෙතත් එම වරදාන වරප්‍රසාද ලබාගත් පිරිස් මීට පෙර පොහොට්ටුවේ සිටියදී රනිල් වික්‍රමසිංහ මහතා පට්ට ගැසූ පුද්ගලයින් බවත් මහ බැංකු හොරා යනුවෙන් චෝදනා සිදු කළේ ද එම පිරිස බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

TRENDING POST