2024 ජනාධිපතිවරණ අපේක්ෂකයින් කිහිප දෙනෙක් අද (17) දිනයේ සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇත.
ස්වාධීන අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය කළ මංගල රැලිය අද දින අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත.
ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂක අනුර කුමාර දිසානායකගේ මංගල ජන රැලිය අද දින තංගල්ල, මාතර සහ ගාල්ල නගරයෙන් ආරම්භ කිරීමට නියමිතව ඇත.
ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටින, පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගේ මංගල රැලිය අද ගම්පහ නගරයෙන් ආරම්භ කිරීමට නියමිතව ඇත.
සර්ව ජන බලයේ ජනාධිපති අපේක්ෂක නීතිඥ දිලිත් ජයවීරගේ මංගල ජන රැලිය අද යාපනය, රක්කාපිටියේදී පැවැත්වීමට නියමිතව ඇත.