Image

මැදුම් පිළිවෙත අවසන් කරමින් රනිල් – හර්ෂ ඇවිලෙයි.. ඇල්පිටියේදී රනිල් පට්ට ගහයි.!

ඊයේ (11) ගාල්ල ඇල්පිටිය ප්‍රදේශයේ පැවති සමගි ජන බලවේගය රන් පවුර ජන හමුව අමතමින් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසා සිටියේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී ‍මාධ්‍යවේදීන් පිරිසක් අමතමින් සිදුකළ අයි.එම්.එෆ් ගිවිසුම සම්බන්ධ බොරුව මේ වනවිට නිවැරැදි කරමින් සිටිනා බවයි.

අයි.එම්.එෆ් ගිවිසුම සංශෝධනය කිරීමෙන් නැවතත් පෝලිම් යුගයක් ඇතිවිය හැකි බවට බොරු බිල්ලන් මවා පෑ රනිල් වික්‍රමසිංහ මහතා එම බොරුවෙන් තවදුරටත් ජනතාව ඇන්දවිය නොහැකි බව තේරුම්ගෙන ඇති බව මන්ත්‍රීවරයා පැවසීය.

ඔහු අවධාරණය කර සිටියේ, සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ නිසැකවම අයි.එම්.එෆ් ගිවිසුම රටට ඵලදායි ලෙස සංශෝධනය කරනා බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ හර්ෂ ද සිල්වා මහතා පවසා සිටියේ අයි.එම්ෙෆ් ගිවිසුමේ මූලික ව්‍යුහය මත හිඳ එහි අවශ්‍ය සංශෝධනයන් පමණක් සිදුකිරීමට කටයුතු කරනා බවයි.

ඔහු පෙන්වා දුන්නේ රජයක් ලෙස අයි.එම්.එෆ් සංවිධානය සමඟ ගිවිසුම් ගතවීමේදී මහජනතාව අපහසුතාවයට පත් වන කොන්දේසි ගණනාවක් සඳහා එකඟ වී ඇති හෙයින් එම කොන්දේසි වහා සංශෝධනය විය යුතු බවයි.

තම රජයක් යටතේ එම කොන්දේසි සාකච්ඡා කර රටට ගැලපෙන පරිදි සංශෝධනය කිරීමට කටයුතු කරනා බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

TRENDING POST