Image

හිරුනිකා ප්‍රේමචන්ද්‍ර රනිල් වික්‍රමසිංහ පිලට.?

ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ, මේ වන විට සමගි ජන බලවේගයෙන් මන්ත්‍රීවරු 14 දෙනෙක් ඉවත් වී ඇති බවත් ඉන් 11 දෙනෙකු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහය දැක්වීම සඳහා එක් වී ඇති බවත්ය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ තලතා අතුකෝරාල සහ හිරුනිකා ප්‍රේමචන්ද්‍රද නුදුරේම තම කඳවුර සමඟ එක්වීමට නියමිත බවයි.

එමෙන්ම මහින්ද රාජපක්ෂ මහතාගේ සැලුන් දොර මේ වන විට රනිල් වික්‍රමසිංහ සතුව ඇති බවත් එම නිසා ඉදිරියේදී තවත් බොහෝ පිරිසක් රනිල් වික්‍රමසිංහ වටා එක්වීමට නියමිත බවත් ඔහු පවසයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් සමන් රත්නප්‍රිය මහතා පවසා සිටියේ මේ වන විට සියලු සමීක්ෂණ වාර්තා වලින් රනිල් වික්‍රමසිංහ පළමු ස්ථානයට පැමිණ ඇති බවයි.

ආරම්භයේදී රනිල් වික්‍රමසිංහට හිමි වී තිබුණේ තුන්වන ස්ථානය වුවත් මේ වන විට එතුමාගේ ප්‍රචාරක වැඩපිළිවෙල හරහා පළමු ස්ථානයට පැමිණීමට හැකියාව ලැබී ඇති බව ඔහු පවසයි.

TRENDING POST