Image

මහින්දට කොකා පෙන්වා පොහොට්ටුවේ අයිතිය රනිල්ගේ කණ්ඩායමට.!

ජනාධිපතිවරණයෙන් පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අයිතිකාරයන් වන්නේ තම කණ්ඩායම බවත් දැනටමත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 100ක් ඉක්මවූ පිරිසක් ජනාධිපතිවරයාට සහාය පළ කරමින් සිටින බවද පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන සඳහන් කරයි.

පොදුජන පෙරමුණ පක්ෂයේ සුළුතරයක් පක්ෂයේ අයිතිය තබාගෙන සිටීම වැරදි බවත් එළඹෙන ජනාධිපතිවරණයෙන් පසුව පක්ෂයේ නීත්‍යානුකූල අයිතිය ලබා ගන්නා බවද පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන සඳහන් කරයි.

ඉදිරියේදී පාර්ලිමේන්තු, පළාත් සභා, ප්‍රාදේශීය සභා මැතිවරණ වලට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ නායකත්වය සමග අපේක්ෂකයන් ඉදිරිපත් කරන බවද මන්ත්‍රීවරයා තවදුරටත් සදහන් කරයි.

TRENDING POST