පොදුජන පෙරමුණ පක්ෂයේ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලබාදීම සම්බන්ධයෙන් යළි සලකා බැලීමට සූදානම් බව එම පක්ෂය නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සදහන් කරයි.
ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණ පක්ෂය වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට දැනට තීරණයක් ගෙන ඇති නමුත් පක්ෂය එම තීන්දුව වෙනස් කරන්නේ නම් ඒ සඳහාත් ඉඩක් ඇති බව හිටපු ජනාධිපතිවරයා සදහන් කරයි.
එහෙත් පොදුජන පෙරමුණ පක්ෂය විසින් අදාළ තීන්දුව ගත යුතු බව පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ බව සදහන් කරයි.

