Image

රනිල් බලය ගන්න අලුත් කරනමකට සැරසෙයි.!

පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේදී විපක්ෂයේ සිටින සියලුම පක්ෂ එක ලකුණක් යටතේ තරග කිරීම සම්බන්ධව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේදී සාකච්ඡා පවත්වා ඇත.

මහ මැතිවරණයේදී එක්ව තරග කිරීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා ධනාත්මක තත්ත්වයක පවතින බවත් සියලු දෙනා එක්ව මහ මැතිවරණයට ඉදිරිපත් විය යුතු බව ඒකමතික අදහස බව හිටපු මන්ත්‍රී ආශු මාරසිංහ සදහන් කරයි.

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුළු පොහොට්ටුවේ හිටපු මන්ත්‍රීවරු මෙම සාකච්ඡාව සදහා සහභාගී වී ඇති අතර හිටපු මන්ත්‍රී එස්. බී දිසානායක සදහන් කළේ, එක කණ්ඩායමක් ලෙස මැතිවරණයට ඉල්ලීම ස්ථිර නමුත් පක්ෂය සහ ලාංඡනය ඉදිරියේදී තීරණය කරන බවයි.

TRENDING POST