හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට පසුගිය ජනාධිපතිවරණයේදී සහාය දැක්වු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් එළඹෙන මහ මැතිවරණයට තරග නොවැදීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
පසුගිය ජනාධිපතිවරණයේදී තම අපේක්ෂක රනිල් වික්‍රමසිංහ ලැබූ පරාජය, ලබාගත් ඡන්ද සංඛ්‍යාව හා රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයෙන් මහ මැතිවරණයට තරග කිරීම ඊට හේතු වී ඇති බව වාර්තා වේ.

