Image

මම කොටුවේ බෝඩ් අල්ලන් ඉන්නේ නෑ.! රනිල්

14 වැනිදාට පසු තමන් කොටුව දුම්රියපොළ අසලට ගිහින් බෝඩ් එකක් අල්ලන් ඉන්න බලාපොරොත්තුවක් නැති බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදහන් කරයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදහන් කළේ,

“පාර්ලිමේන්තුව හොර ගුහාවක් යැයි මේ අය දැන් කියනවා. ඔවුන්ගේ මහ මැතිවරණයේ තේමාව පාර්ලිමේන්තුව සුද්ද කරමු යන්නයි. IMF ගිවිසුමට කරන්නේ කුමක්ද.? ප්‍රධාන කාරණය එයයි. ඕනෑම පාර්ලිමේන්තුවක අඩුපාඩු දුර්වලකම් තිබෙනවා.

නමුත් ආසියාවේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට 1931 සිට ක්‍රියා කළ එකම පාර්ලිමේන්තුව වන්නේ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවයි. අප හොරු අල්ලන්නට ක්‍රියා කරනවා නම් මේ වැඩ කටයුතු සියල්ල කළ යුතුව තියෙනවා. එසේ නොකරනවා නම් එය දේශපාලන වාසියට යොදාගන්නා සටන් පාඨයක් පමණයි.

මාධ්‍යයට ප්‍රජාතන්ත්‍රවාදී ඇඳුම් අන්දනවා යැයි ජනපති මෙන්ම ඇමතිවරයාද දැන් පවසනවා. මාධ්‍යයේ අඩුපාඩුකම් නැතැයි මා කියන්නේ නැහැ. මාධ්‍යයේ තිබෙන අඩුපාඩුකම් අප නීතියෙන් විසඳාගත යුතුයි. එක්සත් රාජධානියේ මෙන් අදාළ කොමිෂන් සභා ඇතිකොට ඒවාට මේ සම්බන්ධයෙන් විභාග කරන්නට බලය ලබාදීම වැනි කාරණා කළ හැකියි.”

නව ප‍්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මැතිවරණ අපේක්ෂකයින් වෙනුවෙන් සූම් තාක්ෂණය ඔස්සේ ඊයේ පැවති හමුවකට එක්වෙමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සදහන් කරයි.

TRENDING POST