Image

රටේ තරුණ තරුණියන්ට රජයෙන් මුදල්.!

සිය වැඩසටහන යටතේ රටේ තරුණ තරුණියන් 50,000කට මුදල් ලබාදෙන බවත් තමන් කැමති වෘත්තීය විෂයක් තෝරාගෙන විදෙස් රැකියාවක් සදහා පුහුණුවෙන ලෙසද ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදහන් කරයි.

මේ වනවිට විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා පවතින තදබදය කඩිනමින් විසඳීමට කටයුතු කරන බවත් විදේශ ගමන් බලපත්‍රය ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙළ අත්නොහරින බවද ජනාධිපතිවරයා සදහන් කරයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ තවදුරටත් සදහන් කළේ,

“ඩිජිටල්කරණය කම්කරු අංශයේත් ආරම්භ කළ යුතුයි. හැම කේෂ්ත්‍රයේම ඒක කරන්න යනවා. දෙවනුව තියෙන්නේ අපි කවුරුවත් රට යන එක නවත්තලා නෑ. විශේෂයෙන්ම මගේ අදහස නම් අපේ තරුණයින්ට යන්න කැමති අයට අපි ඉඩ දීලා රටවල්වලට කතා කරලා යන කණ්ඩායම් වැඩි කරන්න කියනවා.

මම දැනටම නැගෙනහිර ආසියානු රටවල් එක්ක කතා කරනවා. ඒ විතරක් නෙමෙයි අපේ වැඩසටහන යටතේ තරුණ තරුණියන් 50,000කට අපේ මුදල් දෙනවා තමන් කැමති වෘත්තීය විෂයක් තෝරාගන්න. පිටරට රැකියා ලබාදෙන එකක් තෝරාගෙන පුහුණුවෙන්න.

පුහුණු ගාස්තු අපි ගෙවන්නම්. පුද්ගලික ආයතනයෙන් පුහුණු වුණත් රජයේ ආයතනයකින් පුහුණු වුණත් 50,000කට අපි සල්ලි දෙනවා, පිටරට වෙළෙඳපොළ් රැකියාවලට පුහුණුවෙලා රට යන්න.”

වෘත්තීය සංසදය සඳහා පැවති විශේෂ වැඩසටහනේදී යොමුවූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ජනාධිපතිවරයා මේ බව සදහන් කරයි.

TRENDING POST