තමන් ඇත්ත ප්රකාශ කරන බවත් බදු අඩු කළොත් ඩොලර් එක රුපියල් 500ක් වන බවද ජනාධිපති අපේක්ෂක රනිල් වික්රමසිංහ සදහන් කරයි.
රට තුළ පවතින ආර්ථික අර්බුදයට ඉදිරි වසර පහ තුලදී විසදුම් ලබාදෙන බවද ජනාධිපති අපේක්ෂක රනිල් වික්රමසිංහ සදහන් කරයි.
ජනාධිපති රනිල් වික්රමසිංහ සදහන් කළේ,
“මට මෙතනට ඇවිත් කියන්න පුළුවන් ඊළඟ අවුරුද්දේ තවත් සහන තියෙනවා කියලා. ඒ අයට එහෙම කියන්න පුළුවන් ද?. වෛරයේ මුවාවෙන් බලය අරගෙන අන්තිමට මොකක්ද වෙන්නේ.
මම කියන්නේ ජනප්රිය ඒවා නෙමෙයි. ඒත් ඇත්ත මම කියන්නේ. මම ආපහු කියනවා. බදු අඩු කළොත් ඩොලර් එක රුපියල් 500 වෙනවා. සජිත් ගැන මොනවා කියන්නද.?. හැම එකම දැන් නොමිලේ දෙනවලු.”
පිළියන්දල පැවැති ජන රැලියට එක්වෙමින් ජනාධිපති රනිල් වික්රමසිංහ මේ බව සදහන් කරයි.

