Image

පොහොට්ටුවේ ඉඳන් සජබෙට ගිය ඩිල්ශාන් අන්තිමේ රන්ජන්ගේ මයික් එක අතට ගනී

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්, රංගන ශිල්පී සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක විසින් අලුතින් පිහිටුවන ලද දේශපාලන පක්ෂයට එක්ව තිබේ.

ඔහු ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට එම පක්ෂයෙන් තරඟ කිරීමට නියමිතය.

ඩිල්ෂාන් එම පක්ෂයේ ජාතික සංවිධායකවරයා ලෙස ද පත්කර ඇත.

‘මයික්‍රෆෝනය’ ලකුණින් තරග කරන එම පක්ෂයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් ද එක්ව තිබේ.

රාමනායක විසින් එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ නමින් එම පක්ෂය නිල වශයෙන් දියත් කරනු ලබන්නේ අද කොළඹදී පැවැත්වෙන මාධ්‍ය හමුවකදී වන අතර එහිදී පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ද එළිදැක්වීමට නියමිතය.

TRENDING POST