පොලිස්පති ධුරයේ කටයුතු කිරීම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අත්හිටු වූ දේශබන්දු තෙන්නකෝන් ලොකු දේශපාලඥයෙකුගේ ගෙදර සැගවී සිටින බවට ආරංචි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක සදහන් කරයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක සදහන් කළේ,
“ආණ්ඩුව ගැන ඉතින්, අවුරුදු 76කට පස්සේ මේ පක්ෂයට බලය හිමිවුණේ. ඉතින් මේ අයටත් අවුරුදු තුනක් හතරක්වත් දෙන්න ඕන. ආව විතරයිනේ. අනිවාර්යයෙන් කරයි කියලා හිතෙනවා. මේ යන විදිහ හොදයි මටනමි.
ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි, පොලිස්පති කෙනෙක් පොලීසියට බයේ හැංගිලා ඉන්නේ. ඉතින් මම හිතන්නේ, තියෙන ආරංචි විදිහට පොලිස්පති තුමා, හැංගිලා ඉන්නේ ලොකු දේශපාලඥයෙකුගේ ගෙදර කියල තමා ආරංචි. ඉතින් ශානි අබේසේකර මහත්තයා දක්ෂයෙක් නේ. කොහොමහරි අල්ල ගනී කියලා හිතෙනවා.”
මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මේ බව සදහන් කරයි.
මේ අතර දේශබන්දු තෙන්නකෝන්ට සැඟවී සිටීමට යම් අයකු උදව් කරන්නේ නම් එම පුද්ගලයින් සම්බන්ධයෙන් ද දණ්ඩ නීති සංග්‍රහය අනුව කටයුතු කරන බවත් අත්අඩංගුවට ගැනීමෙන් පසුව විශේෂ සැලකිල්ලක් නොදක්වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි.